අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව කතා කරද්දි සමහර අය හිතන්න පුළුවන් ඇත්තටම මේක කරන්න පුළුවන් දෙයක්ද? එහෙමත් නැත්තම් මේක කරන්න අන්තර්ජාලය පිළිබඳව මහා විශාල දැනුමක් තිබිය යුතුද? එසේත් නැතිනම් විශාල මුදලක් අපි විසින් යෙදවිය යුතුද?
ඇත්තටම ගොඩක් අයට මේ වගේ ප්‍රශ්ණ රාශියක් හිතේ ඇති වෙන එකනම් නොඅනුමානයි. නමුත් දැනටමත් අන්තර්ජාලය හරහා මුදල් උපයන අය දන්නවා මේක කියන තරම් අමාරු දෙයක්වත්, සල්ලි වැයකරන්න අවශ්‍යය නැති දෙයක්වත් කියල.
අද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක අය සාර්ථකව මසකට සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 1,000කට අධික මුදලක් ඒ කියන්නෙ රුපියල් 150,000 කට අධික මුදලක් උපයනව අන්තර්ජාලය හරහා.
ඇත්තටම අපිට දෙයක් ලබාගන්නනම් අපිටත් කැපකිරීම් මොනවහරි කරන්න වෙනව. ඒ වගේම අපි යම් විශේෂිත වූ දේවල්වලට දක්ෂතා තියෙනවනම් අපිට පුළුවන් වෙනව ඒ දක්ෂතා මේ අවශ්තාවේදී ප්‍රයෝජනයට ගන්න. ඒ දක්ෂතා මාර්ගයෙන් හොඳ ආදායමක් උපයන්න.
අන්තර්ජාලය පිළිබඳව පොඩි හරි අවබෝධයක් නැති අයට වුණත් ඉතාම පහසුවෙන් කියවල වටහාගෙන මේ දේවල් ඉගෙනගන්න, ඒ වගේම ඉගෙනගත්ත දේවල් ප්‍රයෝජනයට අරගෙන ඒ හරහා මුදල් උපයන්න, තමන්ගේ දැනුම අනිත් අයට බෙදල දෙනගමන් ඒ හරහා වෙනම ආත්ම තෘප්තියක් ලඟා කරගන්නේ කොහොමද කියල අපි ඔයාලට මුලක ඉඳන් සරලවම කියල දෙනව.
ඕනෑම දෙයක් කරද්දි අපිට අවශ්‍යය වෙනව ඒ පිළිබඳව ඇතිවන උවමනාව. ඒ වගේම මනා ඉවසීමක් සහ ඒ සඳහා කැපවීමක්. ඒ නිසා මේ දේ කරන්න පටන්ගන්න කලිනුත් අපි ඔයාලට කියනව මුලින්ම ඔයාලට තියෙන්න ඕනි මේ දේ කරන්න කැමත්තක්. ඊට පස්සෙ ඉවසීම, ඒ වගේම කැපවීම.
මුදල් ඉපයීමට ඇති හැකියාව ගැන විතරක් හිතල මේකට කැමති වෙන්න එපා. මොකද මේ හරහා ඔබ බලාපොරොත්තුවන අන්දමට මුදල් නොලැබුනහොත් ඔබට මේ පිළිබඳව ඇති උවමනාව ගිලිහී යනවා නොඅනුමානයි. ඒ වගේම මේ දේ කරන් යද්දි ඉවසීමත් තියෙන්නම ඕනි. ඒ වගේම තමයි ඉතින් කැපවීමත්.
අපි ඔයාලට මේ දේවල් කියන්නෙ අපේ අවුරුදු 10කට වැඩි අත්දැකීම්වලින්. නිකරුණේ අන්තර්ජාලයේ ගත කරන කාලය ප්‍රයෝජනවත් විදියට යොදවල ඔබගේ සාක්කුවට අමතර ආදායමක් ලබා ගන්නා විදිය අපි ඔයාලට පියවරෙන් පියවර කියල දෙන්නම්. ඉතින් අපි ආරාධනා කරනව මේ පිළිබඳව උනන්දුවක් උවමනාවක් තියෙන ඔයාල හැමෝටම අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියල.
No comments:
Post a Comment